MetaTrader 5 (MT5) පිළිබඳ
MetaTrader 5 මාර්ගගත වෙළඳ වේදිකාව නොඑසේ නම් MT5, MetaTrader 4 (MT4) හි අනුප්‍රාප්තිකයා වෙයි. එය සංවර්ධනය කරන ලද්දේ MetaQuotes මෘදුකාංග සංස්ථාව විසින් වන අතර ප්‍රථමයෙන්ම 2010 දී එය නිකුත් කරනු ලැබුවේ බීටා සංස්කරණයක් වශයෙනි. වසර ගණනාවක් පුරා MetaQuotes අඛණ්ඩ සංවර්ධන, පරීක්ෂණ, සහ වැඩි දියුණු කිරීම් සඳහා ආයෝජනය කර ඇති අතර ඒ හේතුවෙන් ඉහළ නංවන ලද හැකියාවන් සමගින් වර්තමානය වන විට MT5 ඊළඟ පරම්පරාවේ වෙළඳ වේදිකාවක් බවට පත්වී ඇත.
එහි පූර්වගාමියාට සාපේක්ෂව MT5 සතු විශාලතම වාසිය වන්නේ සියල්ල එකම අතුරු මුහුණතකින් සහ එකම වෙළඳ ගිණුමකින් වෙළඳාම් කළ හැකි විවිධ සැකසුම් සහිත විවිධ වත්කම් පන්තිවලින් උපකරණ විශාල සංඛ්‍යාවක් සැපයීමට එහි ඇති නම්‍යශීලිත්වයයි.
MetaTrader 5 (MT5) ප්‍රසිද්ධ ප්‍රස්තාර පැකේජය සහ ස්වයංක්‍රීය වෙළඳ හැකියාවන් සම්පූර්ණයෙන්ම නව මට්ටමකට ගෙනයයි. MetaTrader 4 (MT4) හි සියලු ලක්ෂණ මෙහි පවතින අතර ඒවා විවිධ වත්කම් පන්තිවල බහුවිධ උපකරණ මත වෙළඳාමට සහාය දක්වන්නා වූ වඩාත් නවීන පසු අන්ත යටිතල ව්‍යුහයක් දක්වා වැඩි දියුණු කර ඇත.
MT5 මත බහු වත්කම් වෙළඳාම
MT5 මාර්ගගත ආයෝජකයින්ට ෆොරෙක්ස් (මුදල් වෙළඳාම) සිට වටිනා ලෝහ, බලශක්ති සහ වෙළඳ භාණ්ඩ දක්වා පරාසයක බහුවත්කම් මත වෙළඳාම් කිරීමේ හැකියාව ලබා දෙයි.
MT5 විසින් ආරම්භක, වඩාත් උසස් හෝ වෘත්තීය මට්ටමේ මාර්ගගත වෙළඳුන්ට වෙළඳාමට පමණක් නොව විවිධ වෙළඳපොළ සහ විවිධ වත්කම් පන්ති පිළිබඳ වඩාත් හොඳ දෘශ්‍යතාවක් ලබා ගැනීම සඳහා නව දෘෂ්ටිකෝණ විවෘත කර තිබේ.
තවද, 21 වන සියවසේදී විවිධ මූල්‍ය වත්කම් එක් ගිණුමකින් වෙළඳාම් කිරීමට මාර්ගගත ආයෝජකයින්ට තිබෙන හැකියාව, උපාය මාර්ගික වත්කම් වෙන් කිරීමේ ප්‍රතිලාභය (හෝ වත්කම් කළමනාකරණය) සපයයි. ඒ ආයෝජිත ප්රාග්ධනය විවිධ වත්කම් කිහිපයකට වෙන් කිරීම සහ වෙළඳපොළ වාෂ්පශීලතාව මෙන්ම කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව එම වත්කම් ක්‍රියාකරන ආකාරය අනුව අවදානම කළමනාකරණය කිරීම මූලික අරමුණ කර ගනිමිනි.
මාර්ගගත වෙළඳාමේදී MT5 හි ඇති වාසි
MT5 වෙළඳ වේදිකාවේ බහු ක්රියාකාරිත්වයෙහි ප්‍රබල ලක්ෂණ කිහිපයක් අන්තර්ගත වෙයි. ඒවා සියල්ලක්ම ප්‍රධාන නිර්ණායක කිහිපයක් පදනම් කරගෙන අති නවීන තාක්ෂණය සමගින් සංවර්ධනය කර ඇත. ඒ අතරින් වඩාත් වැදගත් ඒවා වන්නේ අන් සියල්ලට වඩා ඉදිරියෙන් තිබෙන ප්‍රස්තාර පැකේජය, ස්වයංක්‍රීය වෙළඳාමේ (ඇල්ගොරිතම වෙළඳාම) හැකියාවන් සහ නම්‍යශීලී බව මෙන්ම මේ වන විට වෙළඳපොළ විවිධත්වයක් සඳහාද රුකුල් දීමයි.
ආරම්භක සහ වෘත්තීයමය වෙළඳුන් සඳහා වර්තමානයේ ඕනෑම මාර්ගගත ආයෝජකයෙකුගේ ඉහළම අපේක්ෂාවන්ට අනුකූල වන වෙළඳ වේදිකා විශේෂාංග සහ ක්රියාකාරිත්වයන් MT5 සහතික කරයි. මෙයට pending ඇණවුම් වර්ග (buy limit, buy stop, sell limit, sell stop, buy stop limit, sell stop limit) කිහිපයක් එනම් තැබිය හැකි අසීමිත trade position සහිත දත්ත සමුදායක් සහ වෙළඳුන්ට ඔවුන්ගේ වෙළඳ මනාපයන් සහ වෙළඳාම සඳහා මූල්‍ය වත්කම් තෝරා ගැනීම සඳහා අභිරුචිකරණය කර ඇති ඔවුන්ගේම trading robots සහ දර්ශක (indicators) ක්‍රමලේඛනය කිරීමට ඉඩ සලසන අති නවීන ක්‍රමලේඛ භාෂාවක් වන MQL5 ඇතුළත් වෙයි.
MT5 මත ජංගම වෙළඳාම
MT5 කට්ටලය iOS සහ Android යන උපාංග දෙවර්ගය සඳහාම යෙදවුම් ලෙස පවතින අතර එය ඔබට ඕනෑම අවස්ථාවක ඔබේ ගිණුමට සම්පූර්ණ ප්‍රවේශය ලබා දෙයි. මෙහි කිසිවකටත් සම කළ නොහැකි ජංගම ප්‍රස්තාර, 30කට අධික සංකලිත දර්ශක සමග තාක්ෂණික විශ්ලේෂණ සහ විශ්ලේෂණ වස්තූන් 24ක් ඇතුළත් වෙයි.