තවත් වෙබිනාර්වක් මග හැරීම පිළිබඳ කනස්සල්ලෙන්ද? XM සජීවී අධ්‍යාපනය හඳුන්වා දීම. මෙතනින් නරඹන්න LIVE
මෙය සියලු වැදගත් මිල ප්‍රස්තාර ප්‍රගුණ කිරීම සඳහා ඔබට වන පළමු පියවරයි. ප්‍රස්තාර නැරඹීමට විවිධ ක්‍රම සහ ඒවායේ නිර්මාණය පිළිබඳ ඔබ අනාවරණය කරගනු ඇත. මෙම වෙබිනාර්ව අවසානයේදී ඔබ විවිධ ප්‍රස්තාර වර්ග කියවීමට පුරුදු වන අතර වෙළඳපොළෙහි වෙළඳුන්ට දත්ත සහ තොරතුරු ලබා ගත හැකි ආකාරය අවබෝධ කර ගනු ඇත.
ජපන් කැන්ඩ්ල්ස්ටික් ප්‍රස්තාර තාක්ෂණික විශ්ලේෂණය භාවිතයෙන් වෙළඳාමේ මූලික හරයයි. ඔබ කැන්ඩ්ල්ස් හඳුනන්නේ නම් ඔබට වෙළඳපොළෙහි “ඉහළ” සහ “පහළ” සොයා ගත හැකි අතර එමගින් වෙළඳපොළට පිවිසිය යුත්තේ කුමන මිල මට්ටමින්ද සහ ඉවත්විය යුත්තේ කුමන මිලෙන්ද යන්න හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි. මෙම වෙබිනාර්වෙන් ඔබ කැන්ඩ්ල්ස්ටික් ප්‍රස්තාරවල මූලික සංකල්ප සහ වෙළඳපොළ තුළ සාර්ථක වෙළඳාමක් සඳහා ඒවා භාවිත කළ හැක්කේ කෙසේද යන්න උගනිනු ඇත.
ඔබ “ප්‍රවණතාව ඔබේ මිතුරා වේ” යන කියමන අසා ඇත. මෙම සැසිය අතරතුර සාර්ථක ප්රවණතාවන් සඳහා වන ප්‍රධාන සංරචක අපි හඳුනා ගන්නෙමු. මෙය ආරම්භකයින් සඳහා අනිවාර්යයක් වන අතර පළපුරුදු වෙළඳුන්ට මතකය ආවර්ජනය කිරීමකි. මේ හරහා වෙළඳපොළින් මුදල් ඉපැයීම සඳහා ඇති හොඳම ක්‍රමය වන ප්රවණතා හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
මේ ඔබේ තාක්ෂණික මෙවලම් නිවැරදිව භාවිත කරන්නේ කෙසේදැයි ඉගෙනීමට කාලයයි. ඒ හරහා ඔබට වෙළඳපොළෙහි ප්‍රවණතාවල ශක්තිය සහ වේගය හඳුනා ගත හැකිය. ප්‍රස්තාර මත ඍජුව ප්රවණතා රේඛා ඇඳීමට සහ වැඩි ප්‍රවණතාවක් සහිත වෙළඳපොළවල් හඳුනා ගැනීමට ඔබට සහාය වීම පිණිස විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කිරීම පිළිබඳ දැනුම ලබා ගන්න.
ඔබේ ප්‍රස්තාරවල ආධාරක සහ ප්‍රතිරෝධ ලක්ෂ්‍යයන් හඳුනා ගන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. මෙම වෙබිනාර්වෙන් ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න සහ මෙම ලක්ෂ්යයන්වලට හේතු වන්නේ මොනවාද යන්න ඔබට දැන ගත හැකිය. ඔබට කාල රාමු රාශියක් හරහා ප්‍රධාන මට්ටම් හඳුනා ගැනීමට මෙන්ම වෙළඳපොළ තාක්ෂණිකව විශ්ලේෂණය කිරීම සඳහා අදාළ පදනම් ගොඩ නැගීමට හැකි වනු ඇත.
ෆිබොනාචි භාවිතය සිදු වන්නේ කුමන හේතුවක් මතද යන්න පුදුමයට කරුණක් නොවේ. මෙම වෙබිනාර්වේදී අපි පළමු කොටසේ පදනම මත ඉදිරියට යන අතර ඉදිරි ආධාරක සහ ප්‍රතිරෝධ මට්ටම් හඳුනා ගැනීමට ෆිබොනාචි අනුරේඛන (retracements), ප්රක්ෂේපණ (projections), fans සහ arcs භාවිත කරන්නේ කෙසේද යන්න හඳුනා ගනිමු. ඉහළ සම්භාවිතාවක් සහිත ප්‍රධාන මට්ටම් හඳුනා ගැනීමට වෘත්තීය ශිල්පීය ක්‍රම යෙදීමටද ඔබ උගනිනු ඇත.
ඉතිහාසය පුරාවට හඳුනාගෙන ඇති ප්‍රධාන ප්රවණතා ප්රතිවර්තන රටා ඉගෙන ගනිමින් මෙම වෙබිනාර්ව හරහා ඔබේ තාක්ෂණික මෙවලම් පිළිබඳ අවබෝධය වැඩි කර ගත හැකිය. ඩෝගේ Head and Shoulder හෝ Double Top සිට එලියට්ගේ ABC සිට ගැන්ගේ Swing දක්වා වෙළඳපොළ ප්රතිවර්තනයන් සිදු වන්නේ කෙසේද සහ කුමන අවස්ථාවේද යන්න පිළිබඳ ඔබට නිශ්චිත අදහසක් මේ හරහා ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
ප්‍රබල ප්‍රවණතාවක් ප්රතිවර්තනය වීමට වඩා ඉදිරියට යාමට ඉඩ ඇත. මෙම වෙබිනාර්වෙන්, ශක්තිමත් ප්‍රවණතාවක් සහිත වෙළඳපොළවල පූර්ණ උපයෝගිතාව ලබා ගැනීමට සහ ව්‍යාජ ප්රතිවර්තන සංඥා වළක්වා ගැනීම සඳහා ප්රවණතා සන්තති රටා පිළිබඳ අවධානය යොමු කරනු ඇත.
මේ වන විට සාර්ථක වෙළඳාමක් සඳහා ප්රවණතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු. මෙම වෙබිනාර්වෙන් ඔබ ප්රවණතා හඳුනා ගැනීම සඳහා වඩාත් ඵලදායී දර්ශක උගනිනු ඇත. ප්රවණතා අනුගමනය කරන දර්ශකයක් වශයෙන් ඔබට ප්‍රවණතාවක් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙමින් මිල අක්‍රමිකතා සමනය කරන චලනය වන සාමාන්‍ය (MA) භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබට සම්පූර්ණ අවබෝධයක් ලැබෙනු ඇත. තවද, ඔබට ගම්‍යතා දර්ශකය, චලනය වන සාමාන්‍ය අභිසාරිතාව/අපසරණය (MACD) යනාදිය දිශාවේ වෙනස්කම්, ප්රවණතාවේ කාල සීමාව සහ ශක්තිය හෙළි කරන ආකාරය දැක ගත හැකි වනු ඇත.
මෙම සැසියේදී ඔබ ගම්‍යතා දර්ශකවල න්‍යාය සහ ඒවා ගොඩනගා ඇති ආකාරය ඉගෙන ගනු ඇත. මෙම දර්ශක (හෝ දෝලක) පැහැදිලි දිශාවක් නොමැතිව වෙළඳපොළ පරාසයක් තුළ ගමන් කරන විට ඔබට වඩාත් උපයෝගී වේ. කෙසේවෙතත්, ඒවායේ භාවිතය පරාසය තුළ වෙළඳාමට පමණක් සීමා නොවී ප්රවණතා වෙළඳපොළ දක්වාද විහිදේ. එම සංඥා වෙන වෙනම ක්‍රම තුනකින් විහ්‍රහ කරන්නේ කෙසේද යන්න ඔබ ඉගෙන ගනු ඇත.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.